Tuesday, December 9, 2014

Tuesday Markets- තවත් මන්දගාමි දිනක් නිමයි

(www.randora.lk-09/12/14) - දේශපාලන අස්ථාවර බව,උත්සව සමය ආදි කාරණා හේතු කර කොළඹ කොටස් වෙළෙඳ පොළ කෙරෙහි මේ දිනවල දැඩ් මන්දගාම් උනන්දුවක් තවදුරටත් පවතින බව තැරැවිකාර වාර්තා කියයි. කෙසේවෙතත්,සමාගම් වල ඉපයුම් වාර්තා හොද නිසා මෙය මිලදි ගැනිමට සුදුසු කාලයක් බවද ඔවුන් කියයි. මෙම තත්ත්වයන් මැද CTC,SHAL,SLTL,CTHR,NEST යන සමාගම් වල මිළ පහළ යාම හමුවේ දිනයේ අවසන සියළු කොටස් මිළ දර්ශකයේ අගය ඒකක 23.53 කින් පහළ යමින් ඒකක 7,217.94 වු අතරේ S&P SL 20 දර්ශකය අද ඒකක 4.38 කින් ඉහළ යමින් ඒකක 4,063.70 ක් විය. දිනයේ පිරිවැටුම රුපියල් මිලියන 790 ක් විය. ජෝන් කීල්ස්,කොමාර්ෂල් බැංකු හා චෙව්රොන් ලූබිරිකන් හි ගිවිසගත් ගනු-දෙනු වාර්තා විය. මේ අනුව දිනයේ පිරිවැටුමට වැඩ්ම දායකත්වය රුපියල් මිලියන 271 කින් දායක විය. සියෙරා කේබල්ස් හා චෙව්රොන් ලූබිරිකන් පසුගිය සති 52 ක ඉහළම මිළ වාර්තා කළේය.